Monday, September 16, 2013

Windows 8 වලදී safe mode යන්න බැරිද? මෙන්න විසදුම

මම මේක stepwise කියල දෙන්නම්. අපි safemode යන්නේ virus gard එකක් crack කරන්න,එහෙම නැත්තම් system setting එකක් වෙනස් කරන්න වගේ දේවල් වලටනේ.එකේදී මේක ප්‍රයෝජනවත් වෙයි.

1.මුලින්ම ඔයාලගේ command prompt එක administrator mode එකෙන් open කරගන්න.
සැ:යු: win + x කියන shortcut එක පාවිච්චි කරලා කෙලින්ම ඇඩ්මින් mode එකට යන්න windows 8 වලදී පහසුකම් සපයලා තියෙනවා.




2.දෙවන පියවර විදිහට admin mode එකෙන් open කරගත්ත command prompt එකේ මෙන්න මේ පහල තියෙන command එක ගහල Enter press කරන්න.

bcdedit /set  bootmenupolicy legacy


Note

bcdedit කියන්නේ ප්‍රධාන පෙලේ windows booting configuration වලට windows vista සංස්කරණය යටතේ build කරපු tool එකක්. මේකේ අඩංගු වෙලා තියෙන්නේ %windir%\system32 තුලයි. microsoft සමාගම විසින් වින්ඩොව්ස් vista සංස්කරණයෙන් පසුව පැමිණි සැම මෙහෙයුම් පද්ධතිකයකම මෙය අඩංගු වෙනවා. මේකෙදි වෙන්නේ bcdedit කියන .exe එකේ store වෙලා තියෙනවා boot configuration වලට අදාල සැකසුම්. මේකෙදි අපේ machine එක boot වෙන legacy mode එකෙන්, ඒ කියන්නේ වෙනදා boot වෙනවා වගේ නැතුව පොඩ්ඩක් විතර වෙනස් විදිහකට. බයවෙන්න එපා මේකෙන් ඔයාලගේ system එකට කිසිම දෙයක් වෙන්නේ නැ.කෙනෙක් කියයි මේ වැල්වටාරම් නැතුව කෙලින් කීවානම් ඉවරයි කියලා. මෙහෙම විස්තර කරන්නේ ඔයාලටත් යමක් මේගැන දන ගන්න ඕන නිසා.



3. හරි දැන් command sucessfully කියලා එන්න ඇති. දැන් machine එක restart කරන්න.

4. දැන් ඔයාලට එන්නේ මේවගේ prompt එකක්.







5. හරි දැන් safemode select කරලා Enter ඔබන්න. දැන් එන්නේ safemode එකෙන්.

6. දැන් ඔයාලට ආයෙත් standard විදිහට machine එක boot වෙන්න ඕනේ නිසා safemode එකේ ඉදලා මම අර කියපු දෙවන පියවර නැවත කරන්න මෙන්න මේවගේ.එකේදී පොඩි වෙනසක් කරන්න තියෙනවා. මේකෙදි boot menu policy එක standard වෙන්න ඕනේ.

bcdedit /set  bootmenupolicy standard


7.දැන් හරි standard විදිහට ඔයාලගේ machine එක boot වෙයී.

8. හරි ඔන්න වැඩේ ඉවරයි ඔන්න අපි ගියා. මතක ඇතුව comment එකක් දල යන්න. 








1 comment: